CLEAN UP SRI LANKA 2024

පිවිතුරු පියකරු රටක්

මීළඟ Cleanup ව්‍යාපෘතිය 2025 සැප්තැම්බර් 20

Days
Hours
Minutes
Seconds

මොකක්ද මේ

Clean Up Sri Lanka

මේක මෙහෙයුමක්, යුතුකමේ මෙහෙයුමක්. එදා මෙදා තුර අපි මහ‌පොළොවට එකතු කරපු නොදිරන කැළිකසළ කොච්චර ඇත් ද? නොදැනුවත්ව ම අපි සිද්ද කරපු වැරැද්දෙන් මිදෙන්න, අනාගත පරපුරට සොඳුරු පරිසරයක් හදන්න ඒ් අනාගත පරපුරට ආදර්ශයක් වෙන්න ඔබටත් මේ යුතුකමත් එක්ක එකතු වෙන්න පුළුවන් 

වැඩි විස්තර සඳහා අමතන්න

071 658 0001

071 659 0001

කොහොමද මේක සිද්ද වෙන්නේ?

Clean Up Srilanka අපි මුල් වෙලා ලංකාව පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රට පුරා තැනින් තැන සංවිධානය කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘති ම‍‍ඟින් ක්‍රමානුකූලව නොදිරන කසළ එකතු කර නිවැරදි ක්‍රමවේදයක් අනුව බැහැර කිරීම සිදු කරනවා.

තවත් තොරතුරු මෙම වීඩියෝවෙන්

ඉතිං ඔබට පුලුවන් CleanUp ව්‍යාපෘතියක් සංවිධානය කරන්න.
එහෙම නැත්නම් ආරම්භ කර ඇති, ඔබට ලඟම ව්‍යාපෘතියක්  හා එක්වන්න

Join Cleanup

මෙතනින් ඔබට පුලුවන් ඔබට ආසන්න හෝ ඔබ කැමති තැනක ව්‍යාපෘතියක් එක්ක එකතු වෙන්න 

Create Cleanup

මෙතනින් ඔබට පුලුවන් ඔබට කැමති තැනක ව්‍යාපෘතියක් පටන් ගන්න. ඒ්කට ඔබ කැමති ප්‍රමාණයක් එක් කරගන්න පුලුවන් 

CLEANUP EVENTS 2024
0
VOLOUNTEERS 2024
0

ව්‍යාපෘති වෙනුවෙන් ඔබට  දායකත්වය ලබා ගත හැකිය. ඒ සඳහා පහතින් පිවිසෙන්න. 

ව්‍යාපෘතියක් සංවිධානය කිරීමේදී හෝ ව්‍යාපෘතියක් හා සම්බන්ධ වීමේදී ඔබට ගැලපෙන කාණ්ඩය ‌තේරිය යුතුයි. ඒ් ගැන විස්තර පහතින් 

CleanUp ව්‍යාපෘතියක් සමග එකතු වෙන්න කැමති ඔබට...

දැනටමත් ඔබට ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධයක් තිබේ නම් පහත ඇති ස්ථානයක් තෝරාගන්න පුළුවන්, නැත්නම් මෙතැනින් ගොස් විස්තර බලන්න පුළුවන්

OUR SPONSORS

OUR PARTNERS

ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2024

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය පරිසරය වෙනුවෙන් දැක්වූ මාධ්‍ය දායකත්වය වෙනුවෙන් දැයක් අභිමුව ගෞරවයට පාත්‍ර වූ වගයි..!

• ජනාධිපති පරිසර රන් සම්මානය  ශ්‍රද්ධා රූපවාහිනිය
• ජනාධිපති පරිසර රිදී සම්මානය – ශ්‍රද්ධා ප්‍රවෘත්ති අංශය
• ජනාධිපති පරිසර කුසලතා සම්මානය – ශ්‍රද්ධා රූපවාහිනිය
• ජනාධිපති පරිසර කුසලතා සම්මානය – ලක්විරු ගුවන්විදුලිය

අපේ රට අපේ දෑතින් ලස්සන කරමු.

ඔබට යම් ගැටලුවක් ඇත්නම් මෙතැන පිළිතුරු ඇත්දැයි බලන්න

මෙම වැඩසටහන් හා එක්වීමට කැමති ඔබට පැන න‍‍‍ඟින ගැටලු සඳහා පිලිතුරු FAQ හී සඳහන්ව ඇත. එම තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ඔබට තවදුරටත් අවබෝධයක් ලබාගත හැකි වේ.

එසේ නැත්නම් පහතින් විමසන්න.

ස්ත්‍රි පුරුෂ භේදයකින් ‌තොරව හැමෝටම සම්බන්ධ විය හැකිය.

අවුරුදු 16 න් පහළ කෙනෙකු සම්බන්ධ වේ නම් දෙමාපියන් හෝ භාරකාරයෙකු සමඟ සම්බන්ධ වීම වඩා සුදුසු  වේ.

එම කසළ ක්‍රමානුකූලව, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මැදිහත් වීමෙන් බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කරනු ලබයි.

ප්ලාස්ටික් බෝතල් සහ බහාලුම්, ඇලුමිනියම් කෑන්, ආහාර දවටන සහ ඇසුරුම්.

හැමෝම එකතු උනොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ තරුණ ප්‍රජාවගේ සම්බන්ධ වීම සහ ළමා ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය යි.

එක දිනක දී ස්ථාන දෙකක කටයුතු සංවිධානය කිරීම හා සොයා බැලීම් කිරීම අපහසු බැවින් ඒ් ස‍ඳහා වෙන අයෙකු කණ්ඩායම් නායක ලෙස යොදා පරිසිදු කරන ස්ථානයක් සෑදිය හැකිය. 

නැත, වෙබ් අඩවියේ පිරිසිදු කිරීමේ ස්ථානයක් ලියාපදිංචි කිරීමට ගාස්තුවක් අය නොකෙරේ. එය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ප්‍රජාවගේ සහභාගීත්වයට නොමිලේ සපයනු ලබන සේවාවකි.

පුළුවන්. ඔබට වෙබ් අඩවියේ සකසා ඇති වෙනත් ව්‍යාපෘති වල කණ්ඩායම් නායකයන් දැනුවත් කර පහසුවෙන් ඒ් හා සම්බන්ධ විය හැකිය. 

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා පිවිසෙන්න..

පිවිතුරු පියකරු රටක්

නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

පුණ්‍යානුමෝදනා වේවා!