ව්‍යාපෘති සම්බන්ධීකාරකගේ ඡායාරූපයක් උඩුගත කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු

1. මුහුණ පැහැදිලි ලෙස ලබාගත් ඡායාරූපයක් Jpg ආකාරයෙන් සකස් කරගන්න.

2. අපහැදිලි හෝ විකෘති ඡායාරූප upload කිරීමෙන් වළකින්න

3. පැත්තට සිටින ඡායාරූප upload කිරීමෙන් වළකින්න

පිරිසිදු කරන ස්ථානය Google Maps හරහා ඇතුලත් කිරිමේදී සැලකිලිමත් වියයුතු කරුණු

Step 1 – ප්‍රථමයෙන් මෙම සබැ‍ඳියෙන් Google Maps පිවිස ඔබ පිරිසිදු කිරීමට බලාපොරොත්තු වන ස්ථානය Search කර සොයා ගන්න.

Step 2 – ඉන් පසු එම ස්ථානය Zoom in කර Mouse Cursor එක රැගෙන ගොස් Right Click කර එම ස්ථානයේ අක්ෂාංශ සහ දේශාංෂ අගයන් Copy කරගන්න.

Step 3 –  එම Copy කරගත් දත්ත Notepad එකකට හෝ Word Document එකකට Copy කරන්න. 

 

Step 4 – එම Copy කරගත්ත දත්ත Cleanup වෙබ් අඩවියේ එම පිරිසිදු කරන ස්ථානය ඇතුලත් කරන තැන “Enter coordinates manually” මත Click කර ”Latitude” අගය සදහා පළමුව ඇති 6.90423 අක්ෂාංශ අගයත් “Longitude”  අගය සඳහා දෙවනුව ඇති 79.96093 දේශංෂ අගයක් ඇතුලත් කරන්න.

ඔබට යම් ගැටලුවක් ඇත්නම් මෙතැන පිලිතුරු ඇත්දැයි බලන්න

මෙම වැඩසටහන් හා එක්වීමට කැමති ඔබට පැන නගින ගැටලු සඳහා පිලිතුරු FAQ හී සඳහන්ව ඇත. ඒම තොරතුරු අධ්‍යනය කිරීමෙන් ඔබට තව දුරටත් අවබෝධයක් ලබා ගත හැකි වේ

එසේ නැත්නම් පහතින් විමසන්න

ස්ත්‍රි පුරුෂ භේදයකින් ‌තොරව හැමෝටම සම්බන්ධ විය හැකිය.

අවුරුදු 16 න් පහළ කෙනෙකු සම්බන්ධ වේ නම් දෙමාපියන් හෝ භාරකාරයෙකු සමඟ සම්බන්ධ වීම වඩා සුදුසු  වේ.

එම කසළ ක්‍රමානුකූලව, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල  මැදිහත් වීමෙන් බැහැර කිරීම හෝ විනාෂ කිරීම සිදු කරනු ලබයි.

ප්ලාස්ටික් බෝතල් සහ බහාලුම්, ඇලුමිනියම් කෑන්, ආහාර දවටන සහ ඇසුරුම්.

හැමෝම එකතු උනොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ තරුණ ප්‍රජාවගේ සම්බන්ධ වීම සහ ළමා ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනයයි.

මෙම වීඩියෝව නැරබීමෙන් මෙම ව්‍යාපෘතිය ගැන තව තොරතුරු ලබා ගත හැකි වේ .

පිවිතුරු පියකරු රටක්

නොදිරන කැළි කසල පරිසරයට සිදු කරන බලපෑම දිනෙන් දින වැඩිවන මෙවන් කාලයක ඒම අවදානමෙන් අනාගත පරපුර මුදවනු පිණිසත්, වත්මන් පරපුරේ  සහ දුවාදරුවන්ගේ පරිසරය පිළිබඳ ඇති ආකල්ප යහපත් කරනු පිණිසත්,

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන ලද

ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සියලුම දෙනා හට

පුණ්‍යානුමෝදනා වේවා!