Micro Plastic නිහඩ මාරයා

Micro Plastic නිහඩ මාරයා

සුන්දර වෙරළ තීරයකින් වට වෙච්ච ශ්‍රීලංකාවේ සියලු ගංගා ඇල දොළවල අවසන් නවාතැන මහමුහුදයි. ඉතින් ඒ මහ මුහුද මුහුණ පා ඇති දැවැන්තම අර්බුදයක් වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් වී සෑදෙන මයික්‍රෝ ප්ලාස්ටික් තර්ජන යයි. මෙය සාගර ජීවීන්ට මෙන්ම මානව වර්ගයාටද දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් සිටී. 

Micro Plastic යනු මිලිමීටර් 5 ට වඩා කුඩා ප්ලාස්ටික් අංශුයි. මෙය ඇතිවන්නේ විශාල ප්ලාස්ටික් සුන්බුන් ලෙස බිඳවැටීමෙනි. මේවා ඉතා කුඩා නිසා වේගයෙන් හා පහසුවෙන් සාගර පරිසර පද්ධති හා මුහුවේ. මෙය සාගර ජීවීන්ට ඇති කරන අවදානම නිසාම සමස්ථ ආහාර දාමයට මෙම තර්ජනය බලපායි. සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධ ශ්‍රීලංකාවේ වෙරළබඩ ප්‍රදේශ මේ වන විට මෙම නොපෙනෙන සතුරාගේ ආක්‍රමණයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ මුහුදු තීරයන්හි ඉහල සාන්ද්‍රණයකින් මේ Micro Plastic ඇති බව සොයාගෙන ඇත. 

බොහෝ මුහුදු ජීවීන් මෙම ප්ලාස්ටික් ආහාරයක් ලෙස වරදවා වටහාගැනීම නිසා එම ප්ලාස්ටික් ශරීරගත වීමත් සමගම ප්ලාස්ටික් අංශුවල ඇති විස නිසා සතුන්ගේ වර්ධන වේගය අඩුවේ, ප්‍රජණන ගැටලු ඇතිවේ, ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වේ. ඒ වගේම වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවොණෝපායටද මහත් බලපෑමක් එල්ල කරයි. මත්ස්‍යයින් මිනිස් ආහාර දාමයේ සෘජු කොටසක් බැවින් මිනිස් ප්‍රජාවටද ප්‍රබල බලපෑමක් එල්ල කරයි. 

තවද වාහන ටයර් ගෙවීමේදී ඇතිවන කුඩා රබර් අංශු වැසි ජලය මගින් වාතයෙන් ගංගා, විල්, සාගර සහ අප ආශ්වාස ප්‍රාශ්වාස කරව වාතයේ බහුල වශයෙන් දක්නට ලැබේ. මෙයද Micro Plastic දූෂණයේ තවත් ප්‍රබල සාධකයකි. 

අපි එයින් මි‍ඳෙමු

මේ සඳහා 

  1.  Micro Plastic දූෂණයේ ප්‍රතිවිපාක හා එය වැළැක්වීම සදහා රජය, කර්මාන්ත, ප්‍රජා සහ පුද්ගල යන කොටස් දැනුවත් කළ හැකිය. 
  2. ප්‍රතිචක්‍රීකරණය, නිසිලෙස බැහැර කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම වැනි විධිමත් කාර්යන් හඳුන්වාදිය හැකියි. 
  3. තිරසාර ධීවර භාවිතයන් සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාර දිරිමත් කළ හැකියි. 
  4. Micro Plastic දූෂණය පිළිබඳ අඛණ්ඩ අධීක්ෂණ සහ පරීක්ෂණ සිදුකිරීමෙන් තවදුරටත් ඵලදායී උපායමාර්ගයන් සකස් කරගත හැකිය. 

මානව වර්ගයාට මෙන්ම සමස්ථ පරිසර පද්ධතියම වෙළාගත් මේ ප්ලාස්ටික් දූෂණයේ මහපොළොව රැකගැනීම ඔබෙත් මගේත් වගකීමයි. මේ එය වෙනුවෙන් Cleanup Sri Lanka වෙත එකතු වෙන්න. 

Comments

  • Ayodya
    සැප්තැම්බර් 5, 2023 at 8:20 පෙ.ව.

    nice

Add a comment